ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මූල්‍ය කල්බදු හා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් මුදල් හා වෙනත් ප්රතිලාභ ලබාගන්නා බව සඳහන් කරමින් ඇතැම් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළවූ ප්‍රවෘත්තියක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම ඉල්ලීම කර තිබේ.