මුක්කු ගහලා හදන පාර්ලිමේන්තුවකින් රට නිවැරදි දිශාවකට ගෙනියන්න බෑ – අනුරාධ ජයරත්න

ඇහිඳගත් මන්ත්‍රීවරුන්ගෙන් මුක්කු ගසා හදන පාර්ලිමේන්තුවෙන් රට නිවැරැදි දිශාවකට රැගෙන යාමට නොහැකි බවත්, උගත් බුද්ධිමත් යමක් කළ හැකි පිරිසක් මැති සබයට යැවීමට ජනතාව බුද්ධිමත් විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න පැවැසීය.

ගම්පොළ ආසනය සඳහා ඔහුගේ පළමු අපේක්ෂක කාර්යාලය දොළුව ප්‍රදේශයේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවේදී ඔහු මේ බව කීවේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය.

‘‘පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහම රට විනාශ කළැයි කියන ජනතාවම හිතුවේ නෑ කවුද ඒ අය පාර්ලිමේන්තුවට යැව්වේ කියලා. එහෙම නම් රටට වැඩක් නොවුණ පිරිසක් රට හදන තැනට නොයවා, වැඩක් කළ හැකි පිරිසක් ඒ තැනට යැවීමට කටයුතු කළ යුතුයි.

අපේ ජනතාව අද බුද්ධිමත්ව ඒ දේ සිදුකර ඇති බව මුළු ලෝකයම දන්නවා. ඒ නිසා තමයි මෙවර ජනාධිපතිවරණයේ දී ලොකු බඩු මල්ලක් දෙනවා කිව්ව සජිත්ට ඡන්දය නොදී ගෝඨාභයට දුන්නේ.’’

•සුරංග දිල්හාන් – ගම්පොළ

– අරුණ

Leave A Reply

Your email address will not be published.