දේවදත්තට මහණ වෙන්න පුළුවන් වූයේ නම් කරුණා අම්මාන්ට ද තමන් ඉතිහාසයෙන් ගැලවී ඊට වෙනස් වර්තමානයකට ඒමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
කරුණා අම්මාන් කොට් ත්‍රස්තවාදියෙක් කාලයේ සතපහකට මායිම් නොකළ බවත් කොටින්ගෙන් මිදී වෙන් වී පැමිණ බෙදුම්වාදය හා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කර න ලද කරුණා අම්මාන් පිළිගන්නා බව ද ඔහු පැවසීය.
කරුණා අම්මාන්ට පමණක් නොව තුවක්කු කරේ තබාගෙන වාද්දුව රේල් පාරේ යමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්වූ ටිල්වින් සිල්වාට ද මෙය පොදු යයි ද ඔහු සඳහන් කළේය.
තමන් විසින් හමුදා සෙබළුන් ඝාතනය කළ බවට කරුණා අම්මාන් විසින් අම්පාරේ දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී ඇමතිවරයා මේ බව කියා සිටියේය.