ආගමික නායකයන් විවේචනය කරන ඕනෑම කෙනෙක් පරිහානියට පත් වෙනවා – අගමැති

ආගමික නායකයන් විවේචනය කරන ඕනෑම පුද්ගලයෙකු මෙන්ම ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයත් දිනෙන් දින පරිහානියට ලක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (22) පස්වරුවේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එවැනි දැ පවසන පුද්ගලයින් සිටින පක්ෂ ද පිරිහීමට ලක්වන බවයි.

එය ප්‍රේමදාස පිළේ තිබෙන නොමේරූ ගති ලක්ෂණ බව ද  අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.