හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තමා සමාව අයදින බව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයෙන් කාදිනල් හිමිපාණන්ට සිත් තැවුලක් ඇති වූ බවත් එය ගැන තමන් කනගාටුවට පත්වනවා මෙන්ම නැවත නැවතත් සමාව අයදින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කල සටහනක්ද මේ වන විට කතා බහට ලක්වෙමින් තිබෙනවා.
එහි දැක්වෙන්නේ කපටියා ඇග බේරාගෙන කතා කරමින් හොද නම රැකගන්නා බවත්, අවංකයා බොක්කෙන්ම කතා කර සියලු දේ නැති කරගන්නා බවය.