අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට පුවතක් වාර්තා විය.

එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙනි.

එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ ව විමතිය පළ කරයි.

ගර්භනී කාලයේ දී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ ව වෛද්‍ය විශේෂඥයෝ පරීක්ෂණ පවත්වති.

වෛරසය ආසාදනය වී ඇති බිළින්දන් දෙදෙනෙක්ගේ තත්ත්වය යහපත් වුව ද තුන්වැනියා හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන බව පැවසේ.

සැන් ලුවී පොටෝසි පළාතේ රෝහලක දී මෙම තුන් නිවුන් – පිරිමි ළමුන් 2යි ගැහැනු ළමයයි – උපත ලැබුවේ පසුගිය 17 වැනිදා ය.

Leave A Reply

Your email address will not be published.