සිනමා ශාලා විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්

සියලු සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මේ අතර දිවයින් පුරා ඇති සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්. කේ. බී. හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දී ඇති බවය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් පහත පරිදි වේ.

– දෙරණ

Leave A Reply

Your email address will not be published.