ගැටුම්වලින් චීන සෙබළු 40ක් මිය ගිය බව ඉන්දියාව කියද්දී, ගැටුම් විසඳන්න ට්‍රම්ප් මැදිහත් වෙයි

ඉන්දීය සහ චීන සෙබළුන් අතර හිමාල දේශසීමාවේදී හටගත් ගැටුමෙන් චීන සෙබළුන් 40 ඉක්ම වූ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයකුවන විශ්‍රාමික ජෙනරාල් වී. කේ. සිං ප්‍රකාශ කරනවා.

එසේම  මෙම ගැටුමෙන් මිය ගිය චීන සෙබළුන් සංඛ්‍යාව පිළිබඳ ඉන්දීය රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රථම හෙළිදරව්ව මෙය වීමද විශේෂත්වයක්.

මෙම ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20දෙනෙකු  මියගොස් තිබූ අතර චීනය විසින් මිය ගිය තම සෙබළුන්ගේ දත්ත සඟවන බවයි ජෙනරාල් වී. කේ. සිං සඳහන් කරන්නේ.

1962 වසරේ දෙරට අතර පැවති ගැටුමේදී ද චීනය මිය ගිය සංඛ්‍යාව පිළිබඳ පළ වූ වාර්තා පිළිනොගත් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

මේ අතර චීන අර්බුදය විසඳීමට තමන් සහය වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් දෙරටේම නායකයන් සමග සාකච්ජා කර දෙරට අතර අර්බුද සමනය කිරීමට සහය වීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවයි එහිදී ඔහු වැඩදුරටත් සඳහන් කර තිබුණේ.

Leave A Reply

Your email address will not be published.