මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 153ක්.. ඡන්ද ලක්‍ෂ 77ක්..

මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණට ආසන 153ක් හිමිවන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය එස්. බී. දිසානායක මහතා පැවසීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට, ආණ්ඩුවට සහ රටටත් සෙත්පතා (21) දින මස්කෙලිය මවුස්සාකැලේ සමන්දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එස්. බී. දිසානායක මහතා පැවසීය.

මෙහිදි මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් එස්. බී. දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වු ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 8 පමණ වැඩි ජන්ද ප්‍රමාණයක් මෙවර ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණට ලැබෙන බවයි.

ආශිර්වාද පූජාවට පැමිණ සියලුදෙනා ම සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සමන් දේවාල පරිශ්‍රයට ඇතුළු කිරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

– Lanka C News

Leave A Reply

Your email address will not be published.