ජනපතිට බහුතරයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි – ජී. එල්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා බහුතරයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනා‍ධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාධනීය තත්ත්වයට පත්ව තිබුණ ද ඇතැම් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති ප්‍රමාණවත් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

එසේම රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වු ආරක්ෂක පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දීමට කටයුතු කළ යුතු බව ද ඒ මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.