මටත් ජනතා හද ගැස්ම හඳුනාගන්න වසර දහයක් ගියා.. ගෝඨාභයට මේ කපේදීවත් බෑ..

‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකළ ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා පැවසීය.

ෆොන්සේකා මහතා මේ බව සදහන් කළේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක්  අමතමිනි.

ඒ මහතා මෙසේද කීය.

කොරෝනා නිසා නියම දිනයේ මැතිවරණය තියන්න බැරි වුණ නිසා පාර්ලිමේන්තුව කැදවන්න යුතුකමක් තිබුණා. දඩබබර ලෙස බෑ කියලා හිතුවක්කාර ලෙස මුදල් වියදම් කරනවා.ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරනවා.

ජනතා හද ගැස්ම නොතේරෙන ගෝඨාභය නිතරම තද වෙලා දත්මිටි කකා ඉන්නවා. හැමෝටම දෙහි කපනවා. මෙහෙම කරන්නේ ජනාධිපතිවරයාට ජනතා හද ගැස්ම නොතේරෙන නිසයි.

දැන් බන්ධනාගාරය සුද්ද කරන්න හදනවා ලේකම්කම කරන කාලේ නොකළේ ඇයි? බන්ධනාගාරය සුද්ද කරන්න එච්චරම ඕන කමක් තියෙනවා නම් මගේ අයින් කරපු ඇඳුම් සූට් තුන හතරක් තියෙනවා එකත් ඇඳන් ගිහින් සුමාන තුනක් විතර හිටිය නම් ගෝඨාභයට කුඩු බෙදන හැටිය බලාගන්න තිබුණා.

මංගල සමරවීර පක්ෂයෙන් ඉවත්වීම අපට ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි. එයා ඇතුළු කීපදෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැතැයිද ෆොන්සේකා  මහතා මෙහිදී සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.