බංග්ලාදේශ කි‍්‍රකට් නායකයාටත් කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසාට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීතිබෙනවා. අද සිදු කළ පරික්ෂණවලදී එම වෛරසය ඔහුට ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෂ්රෆි මොටාසා නිවස තුළ හුදකලාව තැබීමට පවුලේ සමාජිකයින් පියවර ගෙන තිබෙනවා. පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක සහීඞ් අෆ්රිඞීට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉකුත් දා තහවුරු වුණා.

Leave A Reply

Your email address will not be published.