රනිල් වික්‍රමසිංහ වටේ ඉන්නේ හිටපු මන්ත්‍රීවරුන් 10කට වඩා අඩු පිරිසක්.. එජාපයට දිනන්න බෑ.. – කිරිඇල්ල

රනිල් වික්‍රමසිංහ මහතා වටේ ඉන්නේ හිටපු මන්ත්‍රීවරුන් 10කට වඩා අඩු පිරිසක් බවත් ඉදිරි මහා මැතිවරණයේ දී එජාපයට ජයග්‍රහණය කිරීමට නොහැකි බව හිටපු සභා නායකවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

අවසාන මොහොත දක්වාම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අතලොස්ස අතර සිටි කිරිඇල්ල මහතා නාමයෝජනා දීමට ආසන්නයේ දී සමගි ජන බලවේගයට එක්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ කිරිඇල්ල මහතාට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ සභානායක ධූරය මෙන්ම මහා මාර්ග ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධූර ලබා දීමටද කටයුතු කරන ලදී.

Leave A Reply

Your email address will not be published.