කරුණා අම්මාන් ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කරනවා. තමන් එක් රැයකින් යුද්ධ හමුදා සාමාජිකයින් 2000කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවට ඉකුත් දා ඔහු සිදුකළ ප‍්‍රකාශයත් සමග දේශපාලන වේදිකාවේ ඒ පිළිබඳ දැඩි කතාබහක් මතුවුණා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයෙකු ලෙයසි ඇතැමුන් ප‍්‍රකාශ කර තිබුණේ.

එම ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ “විනයාගමූර්ති මුරලිදන් ද්‍රවිඩ මහ සභා කියන පක්ෂයෙන් අම්පාර මැතිවරණ කොට්ඨාශය සඳහායි ඉදිරිපත්ව තියෙන්නේ.” යනුවෙනි.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප‍්‍රතිපත්තිවලට අනුගත විය හැකි පිරිස් පමණක් සිය සන්ධානයට එක්කර ගෙන ඇති බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ. එමෙන්ම සිය සන්ධානය දේශද්‍රෝහී න්‍යාය පත‍්‍රවලට අනුගත වන පිරිස් සමග කටයුතු නොකරන බව ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ද අදහස් පළ කර තිබුණා. එහිදී ඔහු කියා සිටියේ කරුණාගේ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය වහාම රටට එළි කළ යුතු බවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පළ කරමින් සඳහන් කළේ කරුණා අම්මාන් කළ ප්‍රකාශය රහසක් නොවන බව මෙරට සමස්ත ජනතාව ම දන්නා කරුණක් බවයි.

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.