අගමැතිට තැපෑලෙන් එවූ රුපියල් 5000 එහි හිමිකරුගේ අතින්ම ජනපතිට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් සමගින් අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ මැදිරිගිරියේ පදිංචි හිටපු ගම්සභා සභිකයෙක් වන 86 හැවිරිදි එස්.බි. හේවාහැට තම අතින්ම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.

ජ්‍යේෂ්ඨ පුරවැසියෙකු ලෙස තමන්ගේ සමාජ වගකීම ඉටු කිරිමට ඉදිරියට පැමිණි ඔහුගේ අතින්ම එම මුදල් ජනාධිපතිවරයාගේ අතට එය භාර කිරිමට අවශ්‍ය කටයුතු යොදන මෙන් දැනුම් දී සිටියා.

ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් මිරිසවැටිය පුදබිමේ දී පැවති ආගමික වතාවත්වලින් පසුව 86 හවිරිදි ඔහුගේ අතින්ම කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ සුභාරක්ෂණ අරමුදල වෙත එය බැර කිරිම සඳහා ජනාධිපතිවරයාගේ අතට එය භාරදෙනු ලැබුවා.

Leave A Reply

Your email address will not be published.