මෙරට PCR පරීක්‍ෂණ 95,000 ඉක්මවයි

මෙරට සිදුකළ PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 95,000 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී PCR පරීක්‍ෂණ 827ක් සිදුකළ අතර එහිදී කිසිදු ආසාදිතයෙකු හදුනා නොගත් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ. අද දිනයේද මේ දක්වා කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටි තවත් රෝගීන් 26දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් ගණන 1,498 ක්.

මෙරටින් මේ වනවිට නව්‍ය කොරෝනා ආසාදිතයින් 1,950දෙනෙකු වාර්තා වුවත්, තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 441දෙනෙකු පමණයි.

Leave A Reply

Your email address will not be published.