මම හම්බන්තොටින් අංක එකට පැමිණීම ස්ථිරයි – මහින්ද අමරවීර

හමිබන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුනේ ඇතැමි අපේක්ෂකයින් ජනහමු වලදි අගමැති මහින්ද හැර නොගිය අයට පමනක් මනාප ලබාදෙන ලෙස පවසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙලෙස පවසන ඇතැමුන් ගියවරද පාර්ලිමෙන්තුවට තේරීපත් වූයේ නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ඇති පිලිගැනිම හා ජනප්‍රියත්වය මත යැපෙමින් බව ද ඇමතිවරයා පවසනවා.

එබැවින් කවුරුන් කුමන දේ පැවසුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජයග්‍රහනය වෙනුවෙන් සුවිශේෂි කැපවීමක් කල තමාව ජනතාව විසින් හමිබන්තොට මනාප ලැයිස්තුවෙ අංක එකට ඔසවා තැබිම නියත බව ඇමතිවරයා කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ(20) තංගල්ල ආසන්නයේ ශ්‍රිලනිප යොවුන් බලමුලුව තරුන සමිමෙිලනය අමතමින්.

Leave A Reply

Your email address will not be published.