දරුණු කොටි සාමාජිකයන් 84ක් නිදහස් කරන්න – විග්නේශ්වරන් ඇතුළු දේශපාලන නායකයන්ගේ ඉල්ලීම රජය ඉවත දමයි

ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලන නායකයන් කිහිපදෙනෙකු විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක එස්. පේ‍්‍රමචන්ද්‍ර, ද්‍රවිඩ ජාතික පක්‍ෂයේ නායක එන්. ග‍්‍රීකාන්තා සහ ඊළාම් තමිලර් පක්‍ෂයේ ලේකම් ආනන්දි සසිතරන් යන අය විසින් කරන ලද මෙම ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර කර තිබෙනවා.

එසේම මෙම ද්‍රවිඩ දේශපාලන නායකයන් විසින් හිටපු කොටි සාමාජිකයන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා දී ඇති අතර ඔවුන් මුදාහරින ලෙස ඉල්ලා සිටිය ද ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කර ඇති යුධ අපරාධ චෝදනා දිගටම ගෙන යන බව බුද්ධි අංශ රජයට දන්වා තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.