ගෝඨාභය ජනාධිපති නොවූයේ නම් අද ලංකාව අමු සොහොනක්.. – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධ පක්ෂයක් නොවන බවත්, මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

දයාසිරි ජයසේකර මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ පක්ෂ කාර්යයාලය (19) දින හැටන් වටරවුම් පාරේ විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවේ දී ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහ ලේකම්වරයා කියා සිටියේ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක් ව තරග කිරීමට තීරණය කර තිබුණ ද තම පක්ෂයට ලැබුණු අපෙක්ෂක ගණන අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරීමට තිරණය කළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ද සහයෝගය දක්වන පිරිසක් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග අමෙරිකාව අද සොහොන් බිමක් බවට පත්ව ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා නොවූයේ නම් අමෙරිකාවේ තත්ත්වයට ශ්‍රී ලංකාව ද පත් වන බව දයාසිරි ජයසේකර මහත පැවසීය.

නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුවීමට නම් පාද දෙක ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තබාගනිමින්  කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගන්නා ඕනෑ ම අයෙකුට පක්ෂපාතීව කටයුතු කිරීමට පක්ෂ සමාජිකයන් කටයුතු කළ යුතු බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

පක්ෂ කාර්යයාලය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක නිතිඥය ජනජිත් ද සිල්වා, නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අපෙක්ෂක රොෂාන් ගුණවර්ධන, උතුරු මැදි පලාත් හිටපු ආණ්ඩුකාර සුරෙන් රාගවන් මහතා ද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

– ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.