ඡන්දේ පහුවුණු ගමන් හරි නම් කළ යුත්තේ ජනපති තමන්ටම බැණගැනීමයි – ටිල්වින් සිල්වා

ආණ්ඩුව සහ අමෙරිකාව එම්.සී. සී. ගිවිසුම අත්සන් කරනවා

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහා ආණ්ඩුව සහ ඇමරිකාව එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන බව යැයි පැහැදිලි බව ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මෙසේද කීය.

කොරෝනා නිසා ප්‍රශ්න මතුවී තිබෙන විවිධ අංශවලට සහන දෙන්න ආණ්ඩුව කථා කළා. කථාව දෝලාවෙන්-ගමන පයින් වගේ මහපොළොවේ මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරන ජනමාධ්‍ය නිවේදනවල 4% අඩු පොලී ණය දෙන බව, ලීසිං වාරික මාස 3කට සහනයක් දෙන බව වගේ දේවල් කියනවා. මේ නිවේදනවලින් හරි ප්‍රකාශවලින් හරි බැංකුවලට මේ කටයුතු ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් අදාළ නිර්දේශ නිකුත් කරලා මහ බැංකුව, අනෙකුත් බැංකු, ලීසිං සමාගම්වලට චක්‍රලේඛ යවන්න ඕනෑ. නමුත් දැන් කරන්නේ බැංකුවලට ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීම නොකර ජනප්‍රියත්වයට මාධ්‍ය හමුවේ කතා කිරීම විතරයි. ත්‍රීවීල් රථ සංගමයේ සභාපතිවරයා ඝාතනය කළේ ලීසිං ප්‍රශ්නයක් කතා කරන්න ගියහම. ලීසිං සහනයක් වන බවට ආණ්ඩුව හැදුව විශ්වාසය මත කටයුතු කරන අය මහ පාරේදී ඝාතනය කරන තත්ත්වයක් ඇතිවෙලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න සමත් වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් සමාජයෙන් විවේචන එනකොට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වරද හදා ගන්නවා වෙනුවට නිලධාරීන් ගෙන්වා ප්‍රසිද්ධියේ බැණ වදිනවා. නිලධාරීන්ගේ ආත්ම ගෞරවය නැතිකරනවා. වරදක් කළ නිලධාරියෙක් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ. ඒ මිස ජනාධිපති බලය පාවිච්චි කරලා තමන් ළඟ වැරැද්ද තියාගෙන ප්‍රසිද්ධියේ බණිනවා. තමන්ගේ තීරණය ක්‍රියාත්මක නොකරනවා නම් පළවැනිව මුදල් ඇමැතිට, ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. ඊළඟට ඒ ලේකම්වරයා පත්කළ ජනාධිපතිවරයාට වගකීම පැවරෙනවා. හරිනම් කරන්න ඕනෑ ජනාධිපතිවරයා තමන්ටම බැණ ගැනීමයි. එහෙම නොකර නිලධාරීන්ට බැණ වැදීම රාජ්‍ය පාලනය නොවේ.

•අජිත් අලහකෝන්

Leave A Reply

Your email address will not be published.