දේශසීමා ප්රදේශවලට යළි හමුදාව යොදවන බව උතුරු කොරියාව පවසනවා.
දෙරට අතර ගැටලු සමථයකට පත්කරගැනීම සඳහා විශේෂ නියෝජිතයන් යෙදවීමට දකුණු කොරියාව සිදුකර ඇති ඉල්ලීම ද ප්රතික්ෂේප කරන බවයි උතුරු කොරියාව පවසන්නේ.
දෙරට අතර සාම ගිවිසුම්වල කොටසක් ලෙස දේශසීමා නගරයක් වන කේසෝන් හි පිහිටුවා තිබූ ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විනාශ කර තිබෙනවා.
දකුණු කොරියාව ඒ සම්බන්ධයෙන් දැඩි ප්රතිචාරයක් දක්වා දිනකට පසුවයි මෙලෙස යළි හමුදා යෙදවීමට උතුරු කොරියාව තීරණය කළේ.