MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ

වත්මන් රජය MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා සූදානම්ව සිටින බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිර වන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බවය.

ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පෙර පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.