19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් විය යුතුයි – සුමන්තිරන්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

පසුගිදා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පවසා තිබේ.

“19 වන සංශෝධනය අපි 2015 අලුත් ආණ්ඩුවක් පත්කරන කොට මුල් අදීයරක් ලෙස සම්මත කරපු එකක්. ඒ සංශෝධනය සම්මත කරන විට මේක මුල් අදියරක් විතරයි. අලුත් සංශෝධනයක් ඇති කරන්න ඕන කියන එක පැහැදිලිව ම කියලා තිබ්බා. මුල් අදියරක් ලෙස සම්මත කරපු මේ සංශෝධනය රටේ නීතියක් ලෙස දිගටම තියෙන්න බැහැ. ජනාධිපති හා අගමැති එකතුවෙලා වැඩකළේ නැත්තම් මේ ක්‍රමවේදය කරන් යන්න පුළුන් දෙයක් නොවෙයි. ඒහින්දා එය වෙනස් විය යුතුයි. ඒත් මොන දිශාවෙන් ද වෙනස් වෙන්න ඕන කියන එක තමයි ප්‍රශ්නෙ“

Leave A Reply

Your email address will not be published.