ආරක්ෂක ලේකම්ගෙන් බන්ධනාගාර නිලධාරීන්ට රතු එළියක්

බන්ධනාගාර තුළ ඉදිරියේ දී නීති විරෝධී කටයුතු සිදු නොවිය යුතු බවත් එවන් ක්‍රියා සිදු කිරීමට උපකාර කළ නිලධාරීන්  කිහිපදෙනෙකුට එරෙහිව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඊයේ (18) දින බන්ධනාගාර අධිකාරිවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එවන් දූෂිත නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.

බන්ධනාගාර සේවය අභිමානවත් සේවයක් බවට පත් කිරීමට ඊට අදාළ පාර්ශවයන් කටයුතු කළ යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළේය.

“දුෂිත ක්‍රියාවලින් වැළකී විශ්‍රාම යෑමෙන් පසුව වුවද සතුටු විය හැකි ආකාරයෙන්  සිය කාර්යභාර්ය ඉටු කිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු සිදු කළ යුතුයි,“ යනුවෙන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.