ෆේස්ඇප් රැල්ල හරහා මුරපද සොරකමක්..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ෆේස්ඇප් රැල්ලට නැවත හසුවීමට පෙර පෞද්ගලිකත්වයට මුල්තැන ලබාදෙන්න.

ඔබ වයස්ගත වූ විට ඔබේ පෙනුම කෙබඳුදැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මගින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි.

මේ හේතුවෙන් නැවතත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ නැවතත් FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙනා අතර මෙම යෙදුමෙහි භාවිත වන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය හේතුවෙන් මෙම යෙදුම භාවිත කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හඳුනාගෙන ඇත.

මුහුණු හඳුනාගැනීම (Facial Recognition) මූලික වශයෙන් මුරපද සත්‍යාපනය සඳහා භාවිත කරන තාක්ෂණයක් බැවින්, තෙවන පාර්ශ්වයන් සමග ඔබගේ චායාරූප බෙදාගැනීමට තීරණය කිරීමේ දී පරිශීලකයන් ඉතා ප්‍රවේශම් විය යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දෙමු.

තවද යෙදුමක් රැල්ලට භාවිත කිරීමට ප්‍රථම එම යෙදුමට අදාළ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් පරිශීලනය කොට එම යෙදුම් භාවිත කිරීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලාංකික ජනතාවට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

– ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.