බංග්ලාදේශය කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් අත්හදා බලයි

නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය අත්හදා බැලීම් ආරම්භ කළා. සායනික පරීක්ෂාවන් සිදුකරන බවයි එරට වෛද්‍යවරුන් පවසන්නේ.

මූලික ඖෂධ වර්ග දෙකක් සංයෝග කිරීමෙන් නිෂ්පාදනය කළ ඖෂධයක් ඒ සදහා යොදා ගෙන තිබෙනවා. රෝහල් හතරක පරීක්ෂණ කටයුතු ආරම්භ කිරිමයි ඔවුන්ගේ අපේක්ෂාව.

ඒ සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටිනවා. රෝගීන් සදහා තෝරාගත් පිළිවෙලක් අනුව එම ඖෂධ ලබාදෙන බවයි බලධාරීන් සදහන් කළේ.

ලොව පුරා රටවල් රැසකට තවමත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන්දියාව මෙන්ම යුරෝපා කලාපයත් ඊට අයත්. සංචාරක කර්මාන්තය සඳහා පනවා තිබූ සීමා තවදුරටත් පවත්වාගැනීමයි ජර්මනියේ අරමුණ.

විශාල වශයෙන් ජනතාව රැස්වන උත්සව ඔක්තෝබර් මාසය තෙක් තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන කරුණු මත යුරෝපයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි ස්විඩනය එරට ජනතාවට දැනුම් දුන්නේ.

නව්‍ය කොරෝනා වෛරසය එරෙහිව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. එය කඩිනමින් යාවත්කාලින කරන බවයි ඔවුන් සදහන් කළේ.

Leave A Reply

Your email address will not be published.