රිල්වාන් හෂීම් කොළඹ රෝහලට ආ හැටි හෙළිවේ

සහරාන් හෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් හෂීම් කාත්තන්කුඩියේ සිදුවු පිපිරුමකින් තුවාල ලබා සිටියදී ඔහුව කානත්කුඩියේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට හා පිපිරුම් අවස්ථාවේ දී රිල්වාන්ට ප්‍රථමාධාර ලබාදීමට උපදෙස් දී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ විකලාංග වෛද්‍යවරයෙක් බව හෙළි විය.

පසුව ඔහු පසුගියදා (16) දිනයේ පාස්කු කොමිසම හමුවට කැඳවනු ලැබුවේය.

එහිදී සාක්ෂි දීම අරඹමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ 2018 අගෝස්තු 27 වැනි දින අලුයම 1.38 ට පමණ තම පාසල් කාලයේ මිතුරෙකු වූ “මොහොමඩ් අල්ලියාර් රි” නමැත්තාගෙන් සෞදි අරාබියේ සිට ගත් දුරකතන ඇමතුමක් ලැබුණු බවයි.

තමාගේ මිතුරෙක් ගෑස් සිටින්ඩරයක් පිපිරීමකින් තුවාල ලබා ඇති බව පවසමින් ඔහු එවන් අවස්ථාවක ලබාදිය හැකි වෛද්‍ය ප්‍රථමාධාර ගැන විමසා සිටි බවත් මිතුරා තමාට දේශිය දුරකතන අංකයක් මගින් වට්ස්ඇප් ඔස්සේ අදාළ තුවාලකරුවන්ගේ ඡායාරූප එවූ බවත් ඔහු සඳහන් කළේය.

ඡායාරූපයට අනුව අදාළ පුද්ගලයන්ගේ තුවාල බරපතළ බැවින් තුවාලකරුව මඩකලපුව, මහනුවර හෝ කොළඹ වැනි ජාතික රෝහලකට ඇතුළත් කරන ලෙස තමා උපදෙස් දුන්නේ යැයි සාක්ෂිකරු පැවසීය.

එම උපදෙස් මත රෝහල්ගත කෙරුණේ සහරාන්ගේ මල්ලි බව තමා ප්‍රහාරයෙන් පසුව දැනගත් බව එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එසේම රිල්වාන් නමැත්තා තමාට සහරාන්ව හඳුන්වාදී තිබුණේ මව්ලවිවරයෙකු ලෙස බව ද සාක්ෂිකරු පැවසීය.

Leave A Reply

Your email address will not be published.