පාස්කු ප්‍රහාරය ගැන මට වගකීමක් ගන්න බෑ – හිටපු ජනපති මෛත්‍රී කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා තමා වගකිව යුතු නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බී.බී.සී. සිංහල සේවය සමග සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විට සිදුකරන විමර්ශනවල දී තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබුණේ නම් එය වළක්වාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.