වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ‍ ආදායමට වුණ දේ

ආන්දෝලනයට තුඩු දුන් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවේ‍ ආදායම් පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සෘජුවම ආයෝජනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අනාවරණ කළේය.

තහනම් කරනු ලැබු විදේශීය සංවිධාන හරහා ද ත්‍රස්තවාදී කටයුතු සඳහා ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවට අනාවරණය කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.