ජගත් ආරක්ෂක මණ්ඩල නිත්‍ය නොවන සාමාජිකත්වයට ඉන්දියාව තේරී පත්වෙයි

කැනඩාව අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යයන්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් තුළ ඉන්දියාවට වසර දෙකක කාලයක් සදහා සාමාජිකත්වය හිමි කර ගැනීමට අවස්ථාව උදාවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

ආරක්ෂක කවුන්සිලය සදහා සාමාජිකයන් තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී අදාළ රටවලට ප්‍රමාණවත් තරම් ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ සාමාජිකත්වය අහිමිවී තිබෙනවා.

කෙසේ වෙතත් දකුණු ආසියානු රටක්වන ඉන්දියාවට ඊයේ පැවති ඡන්ද විමසීමේ දී එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සල සාමාජිකත්වය වසර දෙකක කාලයක් සදහා හිමිවීම විශේෂත්වයක් බවයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Leave A Reply

Your email address will not be published.