හොන්ඩියුරාස් රාජ්‍යයේ ජනාධිපතිට කොරෝනා ආසාදනය වෙයි

හොන්ඩියුරාස් රාජ්‍යයේ ජනාධිපති ජුවාන් ඕලැන්ඩෝහට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබෙනවා.

ඔහුගේ බිරිදට හා සහායකයන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනයවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුව ද ඔහු ජනාධිපති මන්දිරයේ සිට රාජකාරි කටයුතුවල නිරතවන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියා.

Leave A Reply

Your email address will not be published.