හිමාල දේශසීමාව ආසන්නයේ දී චීන හා ඉන්දීය හමුදා සෙබළුන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ඉන්දීය සෙබළුන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සටන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම එකිනෙකාට චෝදනා නගන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දෙපාර්ශ්වයෙන් ම හමුදා සෙබළුන් තුවාල ලැබූ බව ඉන්දීය හමුදාව පැවසුව ද චීනයෙන් ඒ පිළිබඳ මෙතෙක් වාර්තාවක් නිකුත්කර නැහැ. දෙරට අතර දේශසීමා සම්බන්ධයෙන් පවත්නා එකගතාවයන් චීනය විසින් කඩ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා. කෙසේ වුවද මින් ඉදිරියට ගැටුම් ඇතිකර නොගන්නා බවයි චීනය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ. දෙරට අතර මේ ආකාරයේ ම ගැටුමක් වාර්තා වූයේ මීට වසර 45කට ඉහත දී යි. මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින්ග්ගේ පිළිරු පුළුස්සා දමමින් ඉන්දීය ජනතාව විරෝධය දක්වන අයුරු මාධ්‍ය වාර්තා කළා. චීන නිෂ්පාදන වර්ජනය කළ යුතු බව ද ඔවුන් පවසනවා.