කොරෝනාවලට බියවී ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් ලංකාවට ඇවිත්

ඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බියවී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට පසුගියදා (02) භාරවී ඇත.

පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුව ද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේ දී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.

අනතුරුව පවතින කොරෝනා වෛරසයේ දැඩි අවධානම හේතුවෙන් ඊට බියවී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීති විරෝධිව සංක්‍රමණය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.