අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

අද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව හෙට සහ පොසොන් පොහොය යෙදෙන දින දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අලුයම 04.00ට ඉවත් කෙරෙනු ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලය තුළ ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මේ අතර සියලු රාජ්‍ය ආයතන සඳහා අද නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.