ලබන 05 වන දා ඡායා චන්ද්‍රග්‍රහණයක්

ඡායා චන්ද්‍රගහණයක් ලබන 05 වන දින මෙරටට දිස්වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය පවසයි.

එහි තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මේ වසරේ දිස්වන දෙවන චන්ද්‍රගහණය මෙය වන බවයි.

ඒ අනුව එම ඡායා චන්ද්‍රගහණය ලබන 05 වන දින රාත්‍රී 11.15ට ආරම්භ වී ලබන 06 වන දින අලුයම 2.34ට අවසන්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රගහණය ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියා සහ යුරෝපීය රටවල් රැසකට දිස්වනු ඇති බව මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.