මෑත කාලයේ අච්චු ගහපු රුපියල් බිලියන 74කට වුණ දේ ගැන සැක සහිතයි – තිස්ස

ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෑත කාලයේ මුද්‍රණය කළ සහ වෙළෙඳපොළට නිකුක් කර ඇති මුදල් පිළිබඳ සත්‍යය තොරතුරු වහාම රටට අනාවරණ කිරීමට රජය පියවර ගත යුතු බව සමගි ජන බලවේගය පවසයි.

පසුගිය මාස කිහිපයේ දී මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු අතරින් රුපියල් බිලියන 74ක මුදලකට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ සාමාජික තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

ගල්කිස්සේ මුහුදු තීරයේ වැලි පිරවීමේ ව්‍යාපෘතිය පිළිබඳ පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ද තිස්ස අත්තනායක මහතා මෙහිදී අදහස් දැක්වීය.

ඔහු කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය අනුමත කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව බවයි.

Leave A Reply

Your email address will not be published.