බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

කොරෝනා වෛරසයත් සමග තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෛරසයත් සමග ගම්බිම් බලා ගිය සේවකයන් යළි ගෙන්වාගැනීමේ ගැටලුවක් ද මතුව ඇති බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දා රජය විසින් තම කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය රැසක බදු මිල ඉහළ දැමීම නිසා ද තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.