යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑ

මෙරටින් අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සිව්දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් වන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයින් 276දෙනෙකු ඉකුත් මැයි 24 වන දින දිවයිනට පැමිණ තිබුණා.

ඔවුන් ආශි‍්‍රතව සිදුකළ PCR පරීක්‍ෂණවලිනුයි මෙම ආසාදිතයන් සිව්දෙනා හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1643ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව ඊයේ  (01) දිනයේ තුළ වාර්තා වූ රෝගීන් ගණන 10ක්. ඒ අතර සිටි එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙක් වන අතර තවත් අයෙක් බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් වනවා.

අනෙක් දෙදෙනා නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා සාමාජිකයන්ගේ සමීපතමයන් බවටයි හදුනාගෙන ඇත්තේ. කෙසේවෙතත් වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් නොතබන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එහිදී, එක් නිලධාරියෙකුගේ පමණන් බිරිඳ සහ දරුවා අසාදනයට ලක්ව ඇති අතර කෙසේවෙතත් හෝමාගම පදිංචි එම දෙදෙනා මැයි 12 වැනිදායන් පසුව නිවසෙන් පිටත්ව ගොස් නැති බවයි අනාවරණයවී ඇත්තේ.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයන් 821දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ආසාදිතයන් 811දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.