ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හේ බව කියා සිටියේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමිනි.
නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා පොකුර ආසියාවේ විශාලතම කොරෝනා පොකුර බව ද ඔහු සඳහන් කළේය.
නාවික හමුදාවේ මෙතරම් විශාල කොරෝනා පොකුරක් ඇති වූයේ ආණ්ඩුවේ වැරදි නිසා බවත්, එම සෙබළුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීමේ වරදින් ඒ ඇති බවත් ඔහු පැවසීය.
මෙරට තුළ කොරෝනා හොඳට පාලනය කළේ නම් වක්‍රය උඩට යන්නේ නැති බවත් එය පහළට යා යුතු බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.