විශිෂ්ට ජයග්‍රහණයක් ස්ථිරයි – හිටපු ජනපති

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යම් අඩාලවීමක් සිදුවුව ද, රට යළිත් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරය ගෙන යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර දී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වන බවයි.

Leave A Reply

Your email address will not be published.