තොණ්ඩමන්ගේ දියණිය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දියණියට අවස්ථාව අහිමිවී තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයක ජීවත්වූ ඇය මෙරටට පැමිණි වහාම නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයකට යොමු කිරීම හේතුවෙනි.

ඔහුගේ දියණිය වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නේ ඕමාන් රාජ්‍ය වන අතර පියා අබාවප‍්‍රාප්ත වන විට ද ඇය එහි රැඳී සිටියාය.

ඒ සමගම ඇය වහාම ඊට සහභාගිවීමට ශ්‍රී ලංකාවට කුලියට ගත් ගුවන් යානයකින් පැමිණිය ද කටුනායක ගුවන් තොටුපලේ දී ඇය නිරෝධායනය සඳහා දින 14ක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කර ඇත.

තම පියාගේ අවමංගල ට සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියද මේ වනවිටත් ඇයට එම අවසරය ලැබී නැත.

අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබාදිය හැකි බව බලධාරීන් විසින් යෝජනා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.