තවත් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ අයෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව අගමැති හෙළි කරයි

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ පුද්ගලයා මෙසේ අනතුරු අඟවා තිබූ බවයි අගමැතිවරයා කියා සිටියේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම අනුනා හිමියන් බැහැදැක අශිර්වාද ලබාගත්තේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක අශිර්වාද ලබාගත්තේය.

Leave A Reply

Your email address will not be published.