කොළඹ අපරාධ කොට්ඨාසය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (29) ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබෙනවා. ඒ කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන්.

ඉකුත් මාර්තු මස 16 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඒ වන විට ශී‍්‍ර ලංකාවේ කොවිඩ්-19 රෝගීන් තුන්දෙනෙකු මියගොස් ඇතැයි ෆිීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් අද ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබෙන්නේ ඒ සම්බන්ධයෙන්. හිටපු මන්තී‍්‍රවරයාගේ තලාහේන පිහිටි කාර්යාලයේ දී මෙම ප‍්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇතැයි ද වාර්තා වුණා.

මේ අතර කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන්, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (28) ප‍්‍රකාශයක් ලබාගත්තා. ඉකුත් මාර්තු මස 17 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා ප‍්‍රකාශය ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රමුඛ පෙළේ පාසලක සිසුන් 25දෙනෙකුට නව්‍ය කොරෝනා ආසාදනයවී ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ඊයේ ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙන්නේ ද ඒ සම්බන්ධයෙන්. පැය 03කට වැඩි කාලයක් මෙම ප‍්‍රශ්න කිරීම සිදුව තිබෙනවා.

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.