අනිල් ජාසිංහ මහතා කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි.. මැතිවරණය පවත්වන්න නෙමෙයි..

මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේ මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කළ හැකි බව පමණක් යැයි හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

මැතිවරණය කි‍්‍රයාදාමය යනු ඡන්දපොළ නියෝජිතයන්, මැතිවරණ නිලධාරීන් පත්කිරීම, ඡන්දපොළවල් වැඩිකිරීමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරීන් බඳවාගැනීම් යනාදී කටයුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී මාධ්‍ය හමුව ඇමතූ හිටපු මන්ති‍්‍රවරයා,

මේ වන විට පාර්ලිමේන්තුව මාස 03ක් වසාදමලා. මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමට නම් වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසුව දින 75ක් අවශ්‍යයි කියා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් අපේ රටේ පාලන ක‍්‍රමයේ කුලුනු තුනක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට මේ අයුරින් මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්න හැකිද යන්න ගැටලුවක්. ඒ නිසා තමයි අද අධිකරණයේ මතය විමසන්නේ. ව්‍යවස්ථාවට වගකියන ජනාධිපතිවරයා ජුනි 02ට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් අධිකරණයට පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. එම නිසා තමයි අද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ සම්බන්ධව. අපේ රටේ ව්‍යවස්ථාවේ 4රැුක්‍ වගන්තිය අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණවලට පවරලා තිබෙනවා. අද පුවත්පත්වල උසස් නීතිඥ මහත්වරු ප‍්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුව මැරිලා කියා. එතකොට පාර්ලිමේන්තුව මැරිලා නම් පාර්ලිමේන්තුව කොහොමද අධිකරණවලට උසාවි බලය දෙන්නේ? මොකද පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවිවලට පවරන්නේ. පාර්ලිමේන්තුව මැරිලා නැහැ. එය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැවත අවදිකළ හැකියි. මාස 06ක් පාර්ලිමේන්තුව නැහැ කියන්නේ ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙනවා කියන එක.

ඒ වගේම අද රජය කියනවා කොරෝනා ඉවරයි කියලා. ජනවාරි මාසයේ එක රෝගියෙක් සිටියේ නැහැ අප රටේ. නමුත් අද දහස ඉක්මවලා ගිහින්. රජය මොන පදනමකින්ද මේ තත්ත්වය ඉවරයි කියන්නේ. අපි පෙබරවාරි මාසයේ යෝජනා කළා ගුවන්තොටුපොළ වසා දමා රට ම නිරෝධායනය කරන්න. එසේ කළා නම් අද එක රෝගියෙක්වත් අප රටේ නැහැ.

ඒ වගේම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට දුන් ලිපිය පැහැදිලි කළා. ඔහු ප‍්‍රකාශ කළේ මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කිරීම ගැන පමණයි. ඒ කියන්නේ ඡන්දපොළ නියෝජිතයන්, මැතිවරණ නිලධාරීන් පත්කිරීම, ඡන්දපොළවල් වැඩිකිරීමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරීන් බඳවාගැනීම් යනාදී කටයුතු පමණයි. ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කරනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ කියා. ඔහු මැතිවරනයට කොළ එළියක් දීලා නැහැ. මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැහැදිලි නිගමනයක් තවම දීලා නැහැ.

වෛද්‍ය ජාසිංහ මහතාගේ එම වැඩසටහන මම නැරඹුවා. ඔහු එතැන දී ප‍්‍රකාශ කරනවා නිරෝධායන පනත ශක්තිමත් කලයුතුයි කියා. එයින් අදහස් කරන්නේ නව නීති රීති අවශ්‍යයි කියා. නීති සම්පාදනයට වගේම නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නොකියා කියනවා පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව. සමගි ජන බලවේගය මැතිවරණකට සුදානම්. නමුත් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා රට මැතිවරණයකට ඇදගෙන ගිහින් මහා ව්‍යවසනයක් ඇති වුවහොත් රජය එයට වගකියන්න ඕන.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කරන්නේ මැතිවරණකට ඇති බිය නිසාද යන්න විමසා සිටියා,

අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස 03කට වඩා වසා තබන්න බැහැ. නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව නැවත වරක් කැඳවලා නිවේදනයක් මගින් නැවත විසුරුවා හැරලා මැතිවරණයකට දිනයක් නියම කරන්න. ඇත්තට ම එයයි කළ යුත්තේ. එතුමාට ඕන විදිහට පාර්ලිමේන්තුව ඇදගෙන යන්න බැහැ. මොන රටේද මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්නේ. අපිට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටයි.

පාර්ලිමේන්තුව කැඳවීම හරහා රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයන් පිළිබඳ ආණ්ඩුවට ඇති සැකය නිසා මෙලෙස කටයුතු කරනවාද යන්න විමසීමේ දී ලබාදුන් පිළිතුර.

අපේ පක්ෂ නායකයන් ලිඛිතව දුන්නා පාර්ලිමේන්තුවට විස්වාසභංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ කියා. කොරෝනා මර්දනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය සියලු මුදල් සම්මත කරලා දෙන්න ලිඛිතව පොරොන්දු වුණා.

ජනජිවීතය යථාතත්වයට පත් කර තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැහැ නේද කියා විමසීමේ දී,

මැතිවරණ කොමසාරිස් පැවසූ පරිදි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන මැතිවරණය පැවැත්වුවහොත් ඡන්ද පෝලිම කිලෝමීටර් එකකට වඩා දිගු වෙන්න පුළුවන්. ජනතාව පැය දෙකක් තුනක් පෝලීමේ ඉදලා ඡන්දය භාවිත කරයිද? තව නිලධාරීන් දෙගුණයක් යොදවන්න ඕන, වියදම දෙගුණ වෙනවා. මේ කරුණු නොසලකා ඡන්දය තියන්න පුළුවන්ද? මේ ව්‍යවසනය සම්පූර්ණයෙන් ම නතරවීමෙන් පසු මැතිවරණය පැවැත්වුවා නම් රටට හොදයි. ඒකයි අපි කියන්නේ.

පාර්ලිමේන්තුව කැඳවුවහොත් නාමයෝජනා නැවත අහෝසි වෙනවද යන්න විමසා සිටිමේ දී,

නාමයෝජනා එහෙම අහෝසි වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයක්.

– midea unit

– Lanka C News

Leave A Reply

Your email address will not be published.