රටේ ජනතාව ගැන නැති කැක්කුමක් සීෂෙල්ස් රට ගැන ආවේ කොහොමද? (Video)

සීෂෙල්ස් දූපත්වල වැසියන් ගැන තිබූ සානුකම්පිත හැඟීම මැදිපෙරදිග දුක් විඳින මෙරට ජනතාව කෙරෙහි නොමැති හේතුව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජීත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ මහතා අවධාරණය කරන්නේ රටක රජයක් තිබෙන්නේ එරට වැසියන් සුරකින්නට බවත්, අප රටේ ද අපේ රටේ රජයෙත් ප්‍රධානතම වගකීම වන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීම බවයි. ඔහු එහිදී කියා සිටියේ සීෂෙල්ස් රටේ රට වැසියන්ට විශේෂ වරප්‍රසාදයක්, සානුකම්පිත හේතුන් මත මෙරටට පැමිණීමට රජය ඉඩ ලබාදුන් බවයි.

ජනතා බලයෙන් පත් වූ රජයට කුවේට් ඇතුළු මැදිපෙරදිග රටවල් රාශියක අගහිඟතාවන් මැද හා අන්ත අසරණව ජීවත්වන රටේ ජනතාව නොපෙන්නේ ඇයිද යන්න ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රශ්න කරයි. රටේ විශාල ජනතාව අසරණව සිටින අවස්ථාවක සීෂෙල්ස් වැසියන්ට පමණක් ප්‍රමුඛතාව ලබාදීම පිටුපස කුට උපක්‍රමයක් තිබෙනවාදැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී අසා සිටියි.

සීෂෙල්ස් දූපත් වැසියන්ට ලබාදුන් අවධානය විදෙස් රටවල සේවය කරන මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ලබා නොදෙන්නේ ඇයිද යන්න ද සජීත් ප්‍රේමදාස මහතා ඔහුගේ මාධ්‍ය නිවේදනය තුළ දී අසා සිටියි.

ඡන්දයට පෙර රට විරුවන් ලෙස හැඳින්වූ විදේශ ශ්‍රමිකයන්ගේ දුක, කඳුළු, වේදනාව ඡන්දයෙන් පසුව අමතකවී ඇති බව ද ප්‍රේමදාස මහතා පවසයි. මෙවන් දෙබිඩි ප්‍රතිපත්ති අනුගමනය නොකරන ලෙස ද, රටේ ජනතාවට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ලෙස ද සජීත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

රජයට බලයට ආපු ආකාරය ගැන මතක් කරගන්නැයි පවසන සජීත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ සිටියේ තමන් ආපු ගමන සහ මුල අමතක නොකරන ලෙසයි. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මේ ගමන පැමිණීමට ශක්තිය ලබාදුන් රට විරුවන්ව අමතක නොකරන ලෙසයි.

සජීත් ප්‍රේමදාස මහතාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

Leave A Reply

Your email address will not be published.