අද වගේ නෙමෙයි, අපේ කාලේ හොඳ ස්ථාවර ආර්ථිකයක් තිබුණා – රනිල් (Video)

මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකු මරණයට පත්වීමේ සිදුවීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අද පත්ව සිටින ආර්ථික අහේනියේ තත්ත්වය යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජනතාවට ජීවත්වීම අමාරු වී ඇති බවත්, මුදල් රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවට ද රුපියල් පන්දාහේ දීමනාව ගෙවාගන්න බැරි තත්ත්වයක් උදාවී ඇති බවත්, රජයේ සේවකයන්ට ද දීමනා ලබාදී නැති බවත් පැවසූ ඔහු මේ සියල්ලෙන් ම පෙනී යන්නේ රටේ පවතින ආර්ථිකයේ බැරෑරුම් තත්ත්වය බව ද සඳහන් කළේය.

2018 වර්ෂයේ දී ලෝකයේ ප්‍රධාන ම ආර්ථික දර්ශකයන්හි ස්ථාවර තත්ත්වයක ලංකාව සිටි බවත්, අද ඒවා අස්ථාවරවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.

Leave A Reply

Your email address will not be published.