ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

හෙරොයින් ග‍්‍රෑම් 02යි මිලිග‍්‍රෑම් 700ක් සන්තකව සිටි සැකකරුවෙකු පන්නල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංකයි. ඔහු සිය මංගල එක්දින තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් දවාගෙන දස්කම් දක්වා තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර ශෙහාන් මදුශංක එක් එක්දින තරගයක් ක්‍රීඩා කර ලකුණු 26කට කඩුලු තුනක් දවාගෙන තිබේ.

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.