කුවේට් සිට පැමිණ නිරෝධායන කඳවුරක සිටි කාන්තාවක් මියයයි

කුවේට්හි සේවයේ නියුතුව සිටියදී මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වාගත් ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිස අතරින් ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් හදිසියේ රෝගාතුරවී රෝහල් ගත කරද්දි අද (25) අලුයම මියගොස් ඇතැයි ත්‍රිකුණාමලය රෝහල් පොලීසිය කියයි.

මියගිය කාන්තාව පයාගල පදිංචි 52 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර හදිසියේ රෝගාතුරවූ මෙම කාන්තාව යුද හමුදාව විසින් රෝහලට රැගෙන යද්දි මියගොස් තිබූ අතර මේ සම්බන්ධයෙන් යුද හමුදාව චීනවරාය පොලීසිය වෙතට දැනුම් දී තිබේ.

මේ අතර මෙම කණ්ඩායම සමග කුවේට් සිට පැමිණි චිනවරාය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවන් දෙදෙනෙකු කාත්තන්කුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (24) හදුනාගනු ලැබ තිබෙන බවයි වාර්තා වන්නේ.

– නෙත් නිවුස්

Leave A Reply

Your email address will not be published.