මැතිවරණය තියන්න නම් මුඛ ආවරණ, අත් ආවරණ, මීටරයේ දුර අවශ්‍ය නැති බවට ජාසිංහ මහතාගෙන් සහතිකයක් ඕනෑ

මැතිවරණයක් පවත්වන්න නම් කොරෝනා වසංගතය මේ රටෙන් සම්පූර්ණයෙන් ම තුරන්වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විසින් සහතිකයක් ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

එනම් මුඛ ආවරණ හා අත් ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් නැතිවීම, මීටරයේ දුර පවත්වාගැනීමට අවශ්‍යතාවක් නැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ජනතාව ඉදිරියේ ප‍්‍රකාශ කළ යුතු යයි ද ඔහු පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ගැනීමට රජය සැලසුම් කර ඇත්දැයි සැක සහිත බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළ කරන ලදි.

Leave A Reply

Your email address will not be published.