බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි බේරාගත් මගීන් දෙදෙනා (VIDEO / PHOTOS)

පාකිස්ථානයේ කරච්චි නුවරදී අද (22)  සවස අනතුරට පත්වූ එයාර්බස් A320 ගුවන් යානයේ ගමන් කළ මගීන් දෙදෙනෙක් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බව එරට සහන සේවකයන් සඳහන් කර සිටිනවා.

මෙලෙස දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පන්ජාබ් බැංකුවේ සභාපතිවරයා වන සෆාර් මසුඩ් සහ මුහුම්මද් සුබේර් යන පුද්ගලයින් බවයි පාකිස්ථාන මාධ්‍ය සඳහන් කළේ.

මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි සිදුකළ මුලික විමර්ශනයේ දී හෙළිව ඇත්තේ.

පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ අනතුරට පත්වූ යානයේ ගුවන් මගීන් 91දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 08දෙනෙක් සිට ඇති බවයි.

ඒ අනුව අනතුරෙන් පුද්ගලයින් 97දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට මළසිරුරු 67ක් සොයාගෙන ඇති අතර අනතුරෙන් අසල පිහිටි නිවෙස්වල පදිංචි පුද්ගලයන් ද තුවාල ලබා ඇත. මේ දක්වා අවසන් මරණ හෝ තුවාල ලැබුවන් සංඛ්‍යා ලේඛණ පාකිස්ථාන බලධාරීන් නිකුත් කර නොමැත.

යානය අවස්ථා තුනක දී කරච්චිහි පිහිටි ජින්නා ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සහ දරා ඇති බවත් අවසානයේ දී ජනාකීර්ණ නිවාස සංකීර්ණයක් මතට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

 

Leave A Reply

Your email address will not be published.